මීට වසර අටකට පෙර ඇරඹි, වත්මනෙහි ආසියාවේ වැඩිම රෝගීන් පිරිසක් එකවර සුවය ලබන සේවාව බවට දෙව් සුව සේවාව පත්වීම ශ්‍රී ලාංකීය ජනතාවට ආඩම්බර විය හැකි කරුණකි.
සුවය සලසන මහත්මා, සසර පුරා රැගෙන ආ, දියුණු කරගත් දිව්‍ය අධ්‍යාත්මික ශක්තිය, දෙවියන්ගේ මෙහෙයවීමෙන් හා අනුග්‍රහය සහිතව රෝගීන් වෙත යොමු කොට රෝගී අවයව මොහොතින් ප්‍රකෘති කිරීම සිදුකරනු ලබයි. බෙහෙත් හේත් කිසිවක් නොමැතිව සිදුවන්නා වූ මේ හාස්කම් සුවය අද ලොවපුරා අතිශයින් ජනප්‍රියව පවතී.
ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්ගේ හා ශ්‍රී මහා භද්‍රකාලී දේව මෑණියන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් හා මග පෙන්වීමෙන් උන් වහන්සේලාගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් වීම පිණිසත් අප සියල්ලන්ට කුසල් සම්පාදනය පිණිසත් මෙම සේවය නොමිලේ ම සිදු කරන්නකි. පැමිණෙන සියල්ලන්ට කෑම බීමද නොමිලයේ සැපයේ. මීට ප්‍රථම සුව වූ රෝගී අය විසින් සුව වන්නට පැමිණෙන රෝගීන් උදෙසා ගෙනෙන වියළි ආහාර ද්‍රව්‍ය යොදවා නොමිලයේ සැමට ආහාර සැපයීම සිදුවේ. මෙවන් මහඟු පින්කම් භූමියක් ලොව කොතැනකවත් නැති බවද නොරහසකි.
හොරණ, ඔලබොඩුව විහරස්ථානයෙන් ඇරඹී, පනාගොඩ යුධ හමුදා කඳවුරු විහාරය, කැලණිය මානෙල්වත්ත විහාරය, දෙල්ගොඩ දහම් මැදුර, බැලුම්මහර පුරාණ රජමහා විහාරය, මාතර හිත්තැටිය මුදලින්දාරාමය ආදී ස්ථානයන්හී දෙව් සුව මෙහෙය පැවැත්වූ අතර, රෝගී සෙනඟ එක් රොක් වීම සෑම වරකම දෙගුනණ තෙගුණ වීම නිසා වඩා ඉඩකඩ සහිත ස්තානයක් සපයාගෙන ඒ ඒ ස්ථානවලට යාමට සිදුවී ඇත.
පසුගිය අට වසර පුරා අප විසින් දිවයිනේ නොයෙකුත් ස්ථානයන්හී සුව මෙහෙයන් පැවැත්වූ අතර අනුරාධපුර රුවන්වැලි සෑ භූමිය, මහනුවර ශ්‍රී දලඳා මාලිගා දේවාල භූමිය, පොළොන්නරුව ගල් විහාරය, කතරගම කිරි වෙහෙර හා දේවාල භූමිය, සෙල්ලකතරගම, කළුතර, මොණරාගල, උඩවලව, පානදුර, වැලිමඩ, නුවරඑළිය, පිළියන්දල යන ස්ථාන ප්‍රධානය.
2018 වසරේ ඉංදියාවේ ස්ථාන කිහිපයක දෙව් සුවය අති සාර්ථකව පවත්වා ඇති අතර, නැවත ද ආරාධනා ලැබී ඇත. ඉදිරියේදී බටහිර රටවල් ගණනාවක දෙව් සුව පැවැත්වීමට ආරාධනා ලැබී ඇත. නුවරඑළිය, වැලිමඩ, පිළියන්දල නගරවල පැවැත්වූ දෙව් සුව මෙහෙයයන්ට සහභාගී වූ ලක්ශ සංඛ්‍යාත ජනතාව පාලනය කිරීමට පොලීසියට පවා මැදිහත් වීමට සිදු වූ අතර ඒවා ඓතිහාසික සුව මෙහෙයන් විය. මේ වන විට ලෝකයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එක් රොක් වන හා සුවපත් වන මෙහෙය බවට දෙව් සුව සේවාව පත්වීම සතුටට කරුනකි. මීට අමතරව මසකට වරක් අන්තර්ජාලය ඔස්සේ පවත්වන සජීවී දුරස්ථ දිව්‍යමය ආලෝක සුව මෙහෙය තුලින් දොස් විදෙස් රෝගීන් විශාල පිරිසක් සුවපත් කිරීමට හැකියාව ලැබී ඇත.
මේ සියලු පින් දෙවියන් අනුමෝදන් වෙත්වා..!
පුරා වසර (8) කටත් වඩා කාලයක් දිවයිනේ වැඩිම සෙනඟක් ඒකරාශී වන හා සුවය ලබන දෙව් සුව සේවා දිව්‍යමය ආලෝක වැඩසටහන එහි අග්‍ර ප්‍රථිපලය වන අතර එයින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසීරු රෝගවලින් හාස්කම් ලෙස සුවය ලබා ඇති බව ප්රකටය. (2018) වසරේ ඉංදියාවේ ආරාධනයෙන් එහි ගොස් සුව මෙහෙයන් කීපයක්ම සාර්ථකව පවත්වා එම දේශයේ උසස් අධ්‍යාත්මික නායකයන්ගේ ඉමහත් ප්‍රශංසාවට පත් වූ අතර වත්මන් ලොව පුරා රටවල් ගණනාවකින් ඔහුගේ සුව මෙහෙයට ඇරයුම් ලැබී ඇත.
© 2021 DEWSUWASEWA.COM – All Rights Reserved | Powered by EBRANDING
No products in the cart.