logo-new-dew-suwa

දීගොඩ කුමාර

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන ජන්ම ලාභය ලැබූ ඔහුගේ සියළු මුතුන් මිත්තන් දකුණු පලාතේ පදිංචි අය වූහ. ඔහුගේ දෙමාපිය දෙපල විදුහල්පතිවරුන් වූ නිසා කුමාර ඇතුළු පවුලේ සියළු දෙනා දිවයිනේ නොයෙක් පලාත්වලට ගිය අතර අධ්‍යාපනය හැදෑරුවේද පාසල් කිහිපයකය. මූලික අධ්‍යාපනය සඳහා දුෂ්කර පලාතක් වූ ආනමඩුව ආසන්නයේ ගල්කුළිය විදුහල එවකට සෑදී නොතිබූ හෙයින් ඔහු අකුරු කියවා, අධ්‍යාපනය ඇරඹුවේ ගල්කුළිය විහාරස්ථානයේ චෛත්‍ය වටා පුටු කිහිපයක් තබා සාදා තිබූ හෝඩියේ පන්තියේය. ඔහුගේ බාල කාලය හද්දා පිටිසර වන්නියේ, හේන් හා වැව් ආශ්‍රිතව සුන්දරව ගෙවී ගොස් තිබුණි. ඉන් අනතුරුව සිය දෙමව්පියන්ට ලත් ස්ථාන මාරු හරහා කුලියාපිටියේ පාසල් කීපයකටම අධ්‍යාපනය ලැබීමට යාමට සිදු වූ අතර පාසල් අධ්‍යාපනය ඔහු නිම කළේ කුලියාපිටිය මැදි විදුහලෙනි.

අනතුරුව ඔහු පුවත්පත් කතෘමණ්ඩල චිත්‍ර ශිල්පියෙකු ලෙස ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වූ අතර අනතුරුව වත්මන් ලංකාදීප ප්‍රවෘත්ති පත්‍ර ආයතනයට සම්බන්ධ වී සිය වෘත්තීය ජීවිතය අරඹන ලදී. ඒ අතර තුරදීම වෙළඳ ප්‍රචරක ආයතන කීපයකම අතුරු රැකියාවන් ලෙස සැලසුම් හා චිත්‍ර ශිල්පියෙකු ලෙසද කටයුතු කළේය. ඒ වකවානුවේම ඔහු ක්‍රීඩා අමාත්‍යාංශය අනුමත ශ්‍රී ලංකා කරාතේ සංවිධානයට බැඳී එහි වසර (6) පමණ කාලයක් ශිල්ප හදාරා සහය උපදේශකවරයෙකු – උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කළ අතර පළමු ශ්‍රේණියේ කළුපටි උපාධිධාරියෙකුද වන්නේය. අනතුරුව බටහිර සංගීතය හැදෑරීමට යොමු වී සංගීත කණ්ඩායම් කීපයකම ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.

ඉන් අනතුරුව හදිසියේ ලද දිව්‍යමය කැඳවීමට අවනත වීමට ඔහුට සිදු වූ අතර දෙවියන් ගේ දැනුවත් වීම මත අධ්‍යාත්මික දැනුවත් වීම ලත් ඔහු – තමන් ගැන විස්තරද අධ්‍යාත්මික සුව කිරීම් පිළිබඳ කරුණුද දිව්‍යමය අනුග්‍රහය හරහා ලබා දිව්‍යමය සුව කිරීම් වලට අවතීර්ණ විය. ලංකාදීප ආයතනයේදී මුණ ගැසුණු ඉන්ද්‍රාණි ( සුදු අම්මා ) නම් යුවතියක සිය සහකාරිය කරගත් ඔහු වත්මනෙහි ඔවුන් විසින් අරඹන ලද ව්‍යාපාරයන්හී නිරතව සිටින අතරම සුව මෙහෙයන් පවත්වමින්ද සජීවීව හා අන්තර්ජාලය ඔස්සේ දිව්‍යමය පණිවිඩය ජනතාව අතර බෙදා හරිමින්ද මහඟු සේවයක් ලොව පුරා සිදු කරනු ලබයි.

පුරා වසර (8) කටත් වඩා කාලයක් දිවයිනේ වැඩිම සෙනඟක් ඒකරාශී වන හා සුවය ලබන දෙව් සුව සේවා දිව්‍යමය ආලෝක වැඩසටහන එහි අග්‍ර ප්‍රථිපලය වන අතර එයින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසීරු රෝගවලින් හාස්කම් ලෙස සුවය ලබා ඇති බව ප්‍රකටය. (2018) වසරේ ඉංදියාවේ ආරාධනයෙන් එහි ගොස් සුව මෙහෙයන් කීපයක්ම සාර්ථකව පවත්වා එම දේශයේ උසස් අධ්‍යාත්මික නායකයන්ගේ ඉමහත් ප්‍රශංසාවට පත් වූ අතර වත්මන් ලොව පුරා රටවල් ගණනාවකින් ඔහුගේ සුව මෙහෙයට ඇරයුම් ලැබී ඇත. මේ වනවිට දිවයිනේ සහ විදේශයන්හී උගතුන්, වියතුන් ඇතුළු බොහෝ ප්‍රබුද්ධ පිරිසක් මෙතුමන්ගේ සද්ක්‍රියාව හා අත්වැල් බඳගෙන ක්‍රියාශීලීව කටයුතු කරනු ලබයි.

සාර්ථකව පැවැත් වූ දෙව් සුව සේවා වැඩසටහන්

අපගේ YouTube නාලිකාව වෙත පිවිසෙන්න

දෙව් සුවයෙන් සුවය ලැබූවන්

Get in Touch